සහරාන්ට බදියුදීන්ගේ සොහොයුරා උදව් කළ බවට තොරතුරු අනාවරණය වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම්ට ඉන්දියාවට පළා යෑමට හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා වන රිෆ්කාන් බදියුදීන් උපාකර කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ සක්ෂි ලබා දුන් හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයෙකු මේ පළිබඳව අනාවරණය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනපති කොමිසම හමුවේ ඊයේ (22 වැනිදා) සක්ෂි ලබා දුන් හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ 2018 වර්ෂයේදී සහරාන් හෂීම් ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඒ සඳහා උපකාර කළේ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් බවයි. මීට අමතරව රිෆ්කාන් බදියුදීන් තවත් මිනිස් ජාවාරම් ගණනාවක් සිදුකර ඇති බවටද මෙයිදී තොරතුරු අනාවරණය වී තිබේ.