එල්පීඑල් දෙවැනි අදියර ප්‍රේක්ෂකයන්ට විවෘත කිරීමට අවසර

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (එල්පීඑල්) දෙවැනි අදියර ප්‍රේක්ෂකයන්ට විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය හිමිව තිබේ. මේ බව සඳහන් කරමින් අද (23දා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක්ද යොමු කර තිබුණි.
වසර ගණනාවකට පසු මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට අවස්ථාව හිමි වුවද එම අවස්ථාව හිමිව ඇත්තේ සීමිත ප්‍රේක්ෂක පිරිසකට පමණි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යොමු කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ ප්‍රේක්ෂකයින්ගෙන් තොර වූ ක්‍රිකට් ක්‍රීඩාවක් නොමැති බවත් මෙම තීරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේද අනුමැතිය හිමිව ඇති බවත්ය.