‘PLC Touch’නමින් ත්‍රයිභාෂික ජංගම යෙදුමක් (Mobile app).

”අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව දැන් අපට හොඳින්ම පැහැදිලියි.
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය නිසා, ඩිජිටල්කරණයේ අසීමිත හැකියාවන් හොඳින් වටහා
ගැනීමට අපට හැකියාව ලැබුණා.”

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC
Touch’නමින් ත්‍රයිභාෂික ජංගම යෙදුම (Mobile app)හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමින්
තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) දින කොළඹ ෂැංග්‍රිලා (Shangri-La) හෝටලයේ දී
මේ බව පැවසීය.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට
ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට
ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් ‘PLC
Touch’යෙදුමට ඇතුළත් වේ.
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක
ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් ‘PLC Touch’යෙදුමට ඇතූලත්කර ගැනීම (mapping)මඟින් එම
ඕනෑම ගිණුමක් ඔස්සේ QR කේත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් (utility
bills)ගෙවීම්සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්
සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLCTouch
Appඔස්සේ ලබාගත හැකි වේ.
එමෙන්ම මෙමගින් ලිපිලේඛන කටයුතු වලට කාලය වැයකිරීමෙන් තොරව විනාඩි ගණනක්
තුළ නව රක්ෂණයක් ලබාගත හැකි අතර,‘Call & Go’ක්‍රමවේදය මගින් රථවාහන රක්ෂණ
වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල කරයි.
බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියෙකු වශයෙන් පීපල්ස්
ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම‘Self-e-Cash’ සේවාවක් හඳුන්වා දීම සඳහා මීට පෙර කටයුතු
කළේ ය. මෙහිදී පාරිභෝගිකයන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා ක්ෂණික ණයක්
ලබාගත හැකි අතර, අදාළ මුදල ATM යන්ත්‍රයකින් ලබාගත හැකි වේ.
මෙම සේවාව දැන් PLC Touch App ඔස්සේද ලබාගත හැකි අතර,QR හා බිල්පත් ගෙවීමේ
සේවාවන් සහ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක්ද මීට ඇතුළත්
කර ඇත.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘ඩිජිටල්කරණය හරහා ඔබේ ගණුදෙනු කරුවන් තවත් සමීප කරගන්න ගත්තා වූ උත්සාහය
පිළිබදව පීපල්ස් ලීසිං සමාගමටප්‍රථමයෙන් මම සුබ පතනවා. තම ක්‍රියාවලි වඩාත් සරල කරමින් පාරිභෝගිකයන්ට හා සේවාදායකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් ලබාදීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකෙහිම ආයතන නවීන
තාක්ෂණය භාවිතා කරනු දැකීම සතුටට කරුණක්. අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බව දැන් අපට හොඳින්ම පැහැදිලියි.
කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය නිසා, ඩිජිටල්කරණයේ අසීමිත හැකියාවන් හොඳින් වටහා ගැනීමට අපට හැකියාව ලැබුණා. තම නිෂ්පාදන හා සේවාවන් පිළිබඳව අලුතින් සිතාබලා, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඒවා වැඩිදියුණු කරන මෙන් මා අනෙකුත් සමාගම් හා ආයතන වලිනුත් ඉල්ලා සිටීමට කැමතියි. මෙය යථාර්තයක් බවට පත් වෙන්නේ ප්‍රායෝගිකව ගම තුල ජනතාව මේ හරහා ගණුදෙනු කරන්න පුලුවන් අවකාශයක් නිර්මාණය වුවහොත් පමණයි. කොවිඩ් 19 වසංගතයෙන් එළියට එනකොට අපි ලෝකය සමග ගණුදෙනු කරන්න සූදානමින් සිටිය යුතුය.
ලෝකයේ සෑම රටක්ම දැඩි ආර්ථික අවපාතයකට පස්සේ ඉතාමත් සීමිත වර්ධනයකට යොමු
වුණා. අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින්
නැවත ගොඩනැංවීම පිළිබදව.
තව නොබෝ දිනකින් අය වැය ඉදිරිපත් කරනවා එහිදී ඔබට දැක ගන්නට ලැබේවි කුඩා හා
මධ්‍ය පරිමාන ව්‍යාපාර වලට අපි කෙතරම් ආයෝජනයක් කරන්න සූදානම්ද කියන කාරණය
පිළිබදව.
පීපල්ස් ලීසිං සමාගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සමග බැදිච්ච ආයතනයක්. අපි
විස්වාශ කරනවා මෙවැනි තාක්ෂණය හරහා ඒ අයට තවත් වැඩි වැඩියෙන් සේවය සපයන්න
හැකි වේවි කියන කාරණය.
ඉදිරි කාල සීමාව තුල අපි, ඔබ සහ ඔබේ ගණුදෙනුකරුවන් අතර තිබෙන සම්බන්ධතාවය
වඩාත් ශක්තිමත් කර ගනිමින් විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ගණුදෙනු කරුවන්ට තවත්
හොද සේවාවක් සපයන්න මේ ආයතනයට හැකියාව ලැබේවි.
අද එළිදක්වපු මෙම ඇප් එක හරහා එම ගමණ යන්න තවත් පහසු වේවියැයි මම විස්වාස
කරනවා. භාෂා තුනෙන්ම හැසිරවන්න හැකි නිසා ඔබට මේ පිළිබදව ගමේ ජනතාව දැනුවත්
කරන්න අවස්ථාව ලැබෙයි.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
සමූහ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා,PLC Touch App
නිර්මාණය මෙහෙයවු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමූහ අංශයේ නිළධාරීන් පිරිසක් ද
සහභාගී වූහ.