ඡන්දය කල් යන ලකුණු

මේ වන විට රටේ පවතින කොරෝනා වෛරසය පැතිරයෑමේ වාතාවරණය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය සති කිහිපයකින් කල් යනු ඇතැයි වාර්තා වේ.
නාමයෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වීමෙන් පසුව ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ කොමිසමට බලය හිමිවන අතර ඒ අනුව ඡන්ද විමසීම කල් දැමීමේ තීරණය ඉදිරි දින කිහිපයේදී කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.