ෆොන්සේකා සහ රාජිතගේ කොරෝනා අසත්‍ය ප්‍රකාශ ගැන විමර්ශන ඇරැඹේ..

කොරෝනා වෛරසයේ පැතිර යෑම සම්බන්ධයෙන් ජනතාව තුළ භීතියක් ඇතිවන ආකාරයට ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් පිළිබඳ පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනකු මියගිය බවට සරත් ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, කොළඹ ප්‍රධාන විදුහලක සිසුන් දස දෙනකුට කොරෝනා වෛරසය වැළැඳී ඇතැයි රාජිත සේනාරත්න මහතා පසුගිය දිනක මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබිණි.