තැපෑල වර් ජනය දිගටම

තැපැල් සේවකයින්ගේ වැඩ වර් ජනය අදත් ක්‍රියාත්මකයි

තැපැල් සේවකයින් ඊය් (8) දියත් කල වැඩ වර් ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. මේ නිසා බොහෝ තැපැල් කාර්යාලවල සේවා අඩාල විය.

ඉන්දීය සංචාරක හෝටල් ජාලයක් වන ටාජ් සමූහයට, නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිණීමේ සූදානමට එරෙහිව මෙය වර් ජනය සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.

ඊයේ සිට දින තුනක් තැපැල් සේවකයින්ගේ නිවාඩුද අවලංගු කර තිබෙන අතර එයද නොතකා තැපැල් සේවකයින් මෙම වර් ජනය දියත් කර තිබේ.