ගිනි අවි සහ ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ටී 56 ගිනි අවියක්, පිස්තෝල අවියක් සහ ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

මීගමුව පොලිස් වසමේ කුඩාපාඩුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්‍ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩා යමක් විසින් වැටලී මක් සිදු කර ටී 56 ගිණි අවියක්, එම පතරොම් ගැබ් 03 ක්, ටී 56 ප තරොම් 87 ක්, පිස්තෝල අවි යක් , මෙරට නිෂ්පාදිත ගිණි අවියක්, ෂොට්ගන් අවි සඳහා භාවිතා කරන පතරොම් 115 ක් සහ ව්යාජ අංක තහඩු 02
ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මීගමුව පොලිස් ස්ථනයට භාර දී ඇත.

සැකකරු වයස අවුරුදු 25 ක් වූ මීගමුව  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවට අනාවරණය වී ඇති අතර ඉහත අත්අඩංගුවට ගෙන ඇති ටී 56 ගිණි අවියෙන් 2022.10.06 වන දින මිනුවන්ගොඩ ගමන්ගෙදර  ප්‍රදේශයේ නිවසක දී පියෙකු සහ පුතුන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතන කිරීමට යොදා ගත් ගිණි අවිය බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මීගමුව පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.