තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹෙයි

2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13 දා) සිට ආරම්භ වේ. රාජාංගණයේ හැර සෙසු පළාත්වල ලබන 17 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයැදුම් කළ ඡන්දදායකයන්ට කාණ්ඩ කිහිපයක් යටතේ තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යයාලවල කාර්යය මණ්ඩලවලට අද උදේ 09.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව හිමිවෙයි. හෙට සහ අනිද්දා මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල තැපැත් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරේ. 16 සහ 17 දෙදින තුළ මැතිවරණ දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පොලිස් දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාවට ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවේ.