තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් අවසන්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට ලබා දුන් කාලය අදින අවසන් වේ. ඒ අනුව මේ වන විටත් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු සියලු රාජ්‍ය සේවකයින්ට අද දිනයේදිත් තම ඡන්දය සලකුණු කිරීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පසුගිය 13 වනදා සිට 17 වන දක්වා තැපැල් ඡන්දහිමියන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබුණු අතර අදාළ දිනයන් වල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට අමතර දින ලෙස ඊයේ සහ අද (20 සහ 21වැනිදා) දිනයේ අවස්ථාව ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබිණි.