ජනපති පොදු සමාවෙන් බන්ධනාගර රැඳවියන් පිරිසකට නිදහස

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් පිරිසකට අද (01 වැනිදා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු සමාව යටතේ නිදහස ලබා දුන්නේය. ඒ අනුව රැඳවියන් 444 දෙනකුට පොදු සමාව යටතේ නිදහස ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටී.
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 83ක් පල්ලේකැලේ බන්ධනාගාරයේ රැඳවියන් 54ක් මහර බන්ධනාගාරයේ රැඳවියන් 30ක් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 28ක් ඇතුළුව දිවයිනපුර පිහිටි බන්ධනාගාර 29ක රැඳවියන් පිරිසක් මේ අතර වේ.