මුතුරාජවෙල තෙත්බිම් අභයභූමියටත් ජනාධිපති අවධානය

මුතුරාජවෙල තෙත්බිම් අභයභූමිය වහාම පරිසර අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන සංවර්ධනය කිරීමට රජය තීරණයකර තිබේ. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි එම තීරණය ගත්බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටී.
මුතුරාජවෙළ තෙත්බිම් අභයභූමිය අනවසරෙන් විවිධ පුද්ගලයින් විසින් අත්පත් කර ගනිමින් නීතිවිරෝධී ලෙස එම පරිසර පද්ධතිය විනාශ කිරීමට පියවර ගෙන තිබුණු අතර මේ වන විට මුතුරාජවෙල අධි සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ අවධානය යොමු වී ඇති බවටද අමාත්‍යවරයා කියා සිටී.