රන්ජන් රාමනායක මහතාට තනිව සිටිය හැකි සිරමැදිරියක් ලබාදීමට කටයුතු කළ බව රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා කියයි. අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේය. එහිදී
රන්ජන් රාමනායක මහතාට ජීවිත අවදානමක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම අදහස් දැක්වීමෙන් පසුව තමන් ඒ පිළිබඳව සොයා බැලූ බවත්, රාමනායක මහතාට එවැනි අවදානමක් නොමැති බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. එහෙත් ඒ මහතාට තනිව සිටිය හැකි සිරමැදිරියක් ලබාදිමට පියවර ගත් බවද ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.