මීට පස්සේ මැති සබේ බාධා බෑ…?

පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා වන අයුරින් හැසිරෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අද (23දා) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුවේ දෛනික කටයුතුවලට බාධා වන අයුරින් දිගින් දිගටම ඇතැම් මන්ත්‍රීවරුන් කටයුතු කරන බැවින් ස්ථාවර නියෝග අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවද එහිදී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මහතා නැගී සිටි අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ කරුණු වෙනුවෙන් දිගින් දිගටම ඝෝෂාකාරි ලෙස කටයුතු කළ අතර, ඒ අවස්ථාවේදි අමාත්‍ය චමල් රාජපක්ෂහ මහතා මේ බව කියා සිටියේය.