ෂම්මි සහ මතිවානන් ක්‍රිකට් මහ පුටුවට නාම යෝජනා දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි වසර දෙක සඳහා නිලධාරීන් පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ නාම යෝජනා භාර ගැනීම අද (25 වැනිදා) සවස 3.30න් අවසන් විය. ඒ අනුව ලබන මැයි මස 20 වැනිදා පැවැත්වෙන මෙවර නිලවරණය සඳහා පාර්ශ්ව 3ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් නාම යෝජනා භාර දුන්නේය.
ඒ අනුව වත්මන් සභාපති ෂම්මි සිල්වා මහතා සහ කේ මතිවානන් මහතා සභාපති ධුරය වෙනුවෙන් පාර්ශව දෙකක් නියෝජනය කරිමින් අද නාම යෝජනා භාර දුන් අතර ස්වාධීන පාර්ශ්වයක් නියෝජනය කරමින් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමි උප සභාපති ධුරය වෙනුවෙන් නාම යෝජනා භාර දුන්නේය.