වැලිකඩ හොරණට යයිද?

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කරඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ අනුව ඒ මගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
‘ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරව. 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්න’ යැයි අමාත්‍යවරයා කියා සිටී.