තවත් කොරෝනා එන්නත් මාත්‍රා ලක්‍ෂ 5ක් එයි

ුඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ඉන්දියාවේ සිට එරට ගුවන් යානයකින් අද (25 වැනිදා) දහවල් මෙරටට රැගෙන එනු ලැබීය.මෙම එන්නත් තොගය ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් අද දහවල් 1.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
මෙම එන්නත් තොගය ගුවන් යානය තුළද ශීතකරණ පහසුකම් යටතේ ගබඩා කර, රැගෙන පැමිණ තිබූ අතර, කටුනායක ගුවන් තොටුපළේදී මෙම එන්නත් තොගය ගොඩ බෑ සැණින් ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ ශීතකරණ තුළ තැන්පත් කිරීම සිදු විය.
ඉන්පසුව මෙම එන්නත් තොගය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩාව වෙත ප්‍රවාහනය කිරීම සිදු විය.