ආසාදිතයෝ 447ක් අද සුවය ලබති

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 447දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ අද (25 වැනිදා) නිවේදනය කළේය. එම පිරිසත් සමග කොරෝනා වෛරසය අසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් පසු පූර්ණ සුවය ලද මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ද 76961 දක්වා ඉහළ ගියේය.
එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයන් 240දෙනකු හඳුනාගත් බව ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද පස්වරු 6.30 වන විට සඳහන් කළේය.
එම පිරිසත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 81707 දක්වා වැඩි වූ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ තවත් මරණ හතරක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (24 වැනිදා) රාත්‍රි නිවේදනය කළේය.
එම මරණ හතරත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 458 දක්වා ඉහළ ගොස් තිබුණි. බොරලැස්ගමුව, ගල්කිස්ස, කොටුගොඩ, වත්තල යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙසේ මරණයට පත්ව තිබිණි.