ලක්ෂ 38ක රත්තරන් බඩු මංකොල්ලයේ සැකකරුවන් අත් අඩංගුවට

පසුගියදා ත්‍රිකුණාමලය නගරයේ පිහිටි වෙළෙඳසැළකින් පැහැරගත් රුපියල් ලක්ෂ 38ක වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ සැකකරුවන් ඊයේ (25 වැනිදා) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය කෝණේෂ්වරම මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පැමිණි කොල්ලකරුවන් මෙම කොල්ලකෑම සිදුකර බෝට්ටුවෙන්ම පළාගොස් ඇති බවට එහිදී සිදුකර තිබූ විමර්ශනවලදී අනාවරණය වී තිබුණි. ඒ අනුව එම කොල්ලකෑමට අදාළව සැකකරුවන් 7 දෙනෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමල පොලීසියට හැකිවී තිබේ.