හිටපු ඩී.අයි.ජී අනුර සේනානායක අභාවප්‍රාප්ත වේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද (26 වැනිදා) දහවල් අභාවප්‍රාප්ත විය. මීට පෙර ඒ මහතා දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි බව පවුලේ ඥාතීන් සඳහන් කර සිටියේය.
මිය යන විට 68 වැනි වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
සිය වෘත්තීය ජීවිතයට අමතරව ගායන ශිල්පියෙකු ලෙසද කටයුතු කළ ඒ මහතා මාගේ කිරිල්ලී, සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන වෙරළ දිහාවේ, වැනි ගීතවල හිමිකරුවාද වේ.