කොවිඩ් මරණ භූමදානයට දූපතක් සොයයි

කොවිඩ් ආසාදනයවී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය සඳහා ගැසට් පත්‍රය ඊයේ රජය විසින් නිකුත් කරන ලදී. ඒ අනුව රජය අවසර දීමත් සමග එම භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී තිබේ. ඒ අනුව ඊට අදාළ දූපතක් හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යංශය කටයුතුකරන බව වාර්තා වේ.