නැති ප්‍රශ්න මවා පාන්නෙ ඩයනා නෝනට ඔළුවේ අමාරුවක් දැයි මෛත්‍රීට ප්‍රශ්නයක්

ආණ්ඩුවේ සිටිනවාද නැද්ද කියන ප්‍රශ්නයක් හෝ ආණ්ඩු පිහිටුවනවාද නැද්ද යන ප්‍රශ්නයක් තම පක්ෂයට නැති බවත් දැන් අවශ්‍ය වන්නේ රට වැටී තිබෙන තත්වයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙලක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ 2022 වසරේ ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමාව සිරගත කරන බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවත් සිරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු හෝ සාක්ෂි නොමැති බවත්ය.
එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ සිරිසේන මහතා,
“පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් හෝ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අදහස් දක්වන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක වෙන වෙන අය කියල වැඩක් නැහැ. වෙන අය කාලය වැඩි කරගනිද්දි මම කාලය අඩු කරගත්ත කෙනෙක් නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ කියන්නේ එයාගෙ මතය නේ. එයාට මොකක් හරි ඔළුවේ අමාරුවක් තියෙන්න ඕන ඒ වගේ ප්‍රකාශයක් කරන්න. වෙන ප්‍රශ්න නැද්ද කතා කරන්න. අද ජනතාවට කරුවලේ ඉන්නත් සිද්ධ වෙලා. අපේ ආහාර ටික අපිට හදාගන්න බැරි තැනට අපි පත්වෙලා. අපි අනුන්ගෙන්
කන ජාතියක් බවට පත්වීම ගැන හරිම කනගාටුවක් දැනෙනවා. ” යනුවෙන්ද ප්‍රකාශ කළේය.