විශාලතම සිමෙන්ති කම්හලේ නිෂ්පාදන කටයුතු ලබන මස මුල ඇරැඹේ

ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (පුද්.) සමාගමේ [Lanwa Sanstha Cement Corporation (Pvt) Ltd.] නිෂ්පාදන කටයුතු 2022 මාර්තු මස මුල් භාගයේදී ආරම්භ කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

අති නවීන පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාව, කලාපයේ විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා අතරින් එකකි. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අක්කර 63 ක භූමි භාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබේ. ශ‍්‍රී ලංකා අපනයන මණ්ඩලයේ අනුමැතිය හිමි ව්‍යාපෘතියක් වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සම්පූර්ණ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙටි‍්‍රක් ටොන් මිලියන 4 ක් වන අතර, එහි මුල් අදියරේ වාර්ෂික ධාරිතාව මෙටි‍්‍රක් ටොන් මිලියන 2.8 කි. අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙම කර්මාන්ත ශාලාවේ සිමෙන්ති මිශ‍්‍ර කිරීම් කටයුතු සඳහා යුරෝපයේ නිෂ්පාදිත යන්ත්‍රෝපකරණ භාවිතා වන බැවින් අපතේ යෑම්ද අවම වනු ඇත.