වාද්දුවේ කුප්පි ලාම්පු දන්සැලක්

භූමිතෙල් කුප්පි ලාම්පු සහ පන්දම් දන්සැලක් වාද්දුව පොතුපිටිය ගාලූ පාරේදී පවත්වන ලදී.

රාත‍්‍රී ප‍්‍රදේශයේ විදුලිය විසන්ධි වීමත් සමගින් ‘‘අඳුරට එළිය දෙන්නෝ පුණ්‍යවන්තයෝය” යන මැයෙන් දන්සල සංවිධානය කර තිබුණි.

ජනතාව පෝලිමේ රැඳී සිට භූමිතෙල් කුප්පි ලාම්පු සහ පන්දම් රැගෙන යන අයුරු දැකගත හැකි විය.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම