ආනයන ණයවර ලිපි විදේශීය බැංකු ප‍්‍රතික්‍ෂෙප කරයි.. ඉන්ධන අර්බුදය බිත්තියට හිරවේ..

  • දැවැන්ත මිල වැඩිකිරීමට යෝජනා..

වහාම ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කළ යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

තෙල් සංස්ථාව දිගින් දිගටම විශාල වශයෙන් ඉහළ යාම මත මෙම පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීමක් හෝ මිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය බවද හෙතෙම පෙන්වා දී ඇත.

ඉන්ධන මත පනවා ඇති බදු වහාම ඉවත් කර ඉන් පසුව ඇති වන අලාභය අවම කරගැනීම සඳහා තෙල් මිල ඉහළ දමන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් නොකරන්නේ නම් පිරිවැය ආවරණය වන පරිදි මිල ඉහළ දමන ලෙස ද ඔහු දැනුම් දී ඇත.

ඩීසල් ලීටරයකික් රුපියල් 52ක්
සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක්
පෙට‍්‍රල් 92 ලීටරයකින් රුපියල් 19ක්
පෙට‍්‍රල් 95 ලීටරයකින් රුපියල් 17ක්

වශයෙන් දැනට තෙල් සංස්ථාව පාඩු ලබන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

සංස්ථාව දිකට පමණක් ලබන පාඩුව රුපියල් කෝටි 55ක් බවත් ඉන්ධන සඳහා තෙල් සංස්ථාවට විදේශ රටවලින් ණය පහසුකම් ලබා ගැනීමට රාජ්‍ය නායක මට්ටමින් ඉල්ලීමක් කරන ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා තිබේ.

තෙල් සංස්ථාව දැනටමත් උග්‍ර මූල්‍ය අර්බුදයට පත්ව ඇති බවත් රාජ්‍ය බැංකු දෙකට පමණක් ඩොලර් බිලියන 3.6ක දැවැන්ත ණය මුදලක් ගෙවීමට ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

මෙම තත්ත්වය රාජ්‍ය බැංකු දෙකෙහි ස්ථාවරත්වයට ද බරපතළ ගැටලුවක් වී ඇති බැවින් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකු අධිපතිවරයා රාජ්‍ය බැංකු දෙක උපදෙස් දී ඇති බව ද ඇමතිවරයා සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය මත රාජ්‍ය බැංකුවලින් ඉන්ධන ආනයනයට ණයවර ලිපි විවෘත කිරීමද ප්‍රතික්ෂේප කිරීම මෙන්ම විදේශීය බැංකු විසින් ණයවර ලිපි තහවුරු කිරීම ද ප්‍රතික්ෂේප කිරීම බරපතල ගැටළුවක් වී ඇතැයි ද ඇමතිවරයා තවදුරටත් අවධාරණය කර ඇත.