
ඉතියෝපියාවේ අඩිස් අබා නගරයේ සිට ඩුබායි නගරය හරහා මෙරටට පැමිණ ඇති මෙම ඉන්දියානු ජාතික කාන්තාව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
මෙම ඉන්දීය ජාතික කාන්තාවගේ ගමන් බෑගය පරීක්ෂා කට රේගු නිලධාරීන්ට එහි තිබූ ෂැම්පු බෝතල් කිහිපයක් තුන් සහ ඇඳුම් බොත්තම් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවූ බව ද සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.
රේගු අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාව දින හතකට පසු ඉන්දියාව බලා යෑමට මෙරටට පැමිණ ඇති බවත් රේගු නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
රේගු නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර මෙය මෑත කාලයේ දී ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ලෙස හැඳින්විය හැකි බවත් සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාරිය සහ මත් ද්‍රව්‍ය තොගය පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන ලදී.