රාජපක්ෂවරු හිරේදාන්න හදපු හැටි රාජපක්ෂ කෙනෙක්ම හෙළි කරයි

රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත්ල සෑම සතියකම රාජපක්ෂවරුන්ගෙන් එක් අයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අරලියගහ මන්දිරයේ සාකච්ඡාවන් සිදු කළ බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ ඊයේ (17) අනාවරණය කළේය. යහපාලන රජයේ හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්නල පාඨලී චම්පික රණවකල අර්ජුන රණතුංගල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකල වෛරී දේශපාලනයක් සිදු කරමින් රාජපක්ෂවරුන් සිරගත කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වරින් වර බලපෑම් කළ බවත් ඒ මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය.

2015 ජනවාරි 29 වනදා අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවට පාඨලීල රාජිතල අනුර කුමාරල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාල මංගල සමරවීරල ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බවත් එහිදී සෑම සතියකම රාජපක්ෂවරයෙක් රිමාන්ඩ් කරන්න ඕන කියමින් රාජපක්ෂවරුන් හි‍රේ දාන විදිහ සාකච්ඡා කළ බවත් කොමිසම හමුවේ කියා සිටි විජේදාස රාජපක්ෂ මහතා ඊට පසුදින ජනවාරි 30 වනදා යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් බව තමා දැනගත් බවත් කොමිසම හමුවේ අනාවරණය කළේය.

නිදහස් දිනය වන පෙබරවාරි 04ට පෙර රාජපක්ෂවරයෙක් සිරගත කරන්න ඕනෑ කියා අරලියගහ මන්දිරයේදී ඔවුන් සාකච්ඡා කළා. රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න සාකච්ඡා කළා. ඇවන්ගාඩ් නඩුවට නිශ්ශංක සේනාධිපති හිර කරන්න ඔවුන්ට ඕනෑ වුණේ නෑග.ඔවුන්ට ඕනෑ වුණේ නිශ්ශංක සේනාධිපති හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කරන්නයි. මේ උත්සාහයට කිහිපවාරයක් ජනාධිපති මැඳුරේ සහ අරලියගහ මන්දිරයේ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවන්ට මමත් සහභාගී වුණා. එහිදී ‍හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනල හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට මේ වෛරක්කාරී දේශපාලනඥයන් පිරිස දැඩි බලපෑමක් එල්ල කළා ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරන ලෙසට. ඔවුන් දූරදර්ශීව ගෝඨාභය මහතා බලයට එන බව එදා දැන සිටි බව මා දැන ගත්තේ පසුකාලයකයි. ඇවන්ගාඩ් ලොරි ‍02කින් ජනාධිපතිවරණයට වියදම් කරන්න මුදල් ගෙනා බවට මෙම සාකච්ඡාවලදී කථාබහට ලක් වූවා.

දශක 3ක ත්‍රස්තවාදයෙන් රට බේරාගත් නායකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කරන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබූ රැස්වීම්වලදී විශාල කථාබහක් ඇති වුණා. වෛරී දේශපාලනයේ සිටි මේ පිරිස සමඟ නීතිපති‍ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක් වන වසන්ත නවරත්න බණ්ඩාර මහතා ද එක් වුණා. නීතිපතිවරයාගේ උපදෙස් පවා ‍නොතකා මේ අය ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කරන්න විශාල උත්සාහයක් ගත්තා. රට බේරාගත්ත නායකයා සිරගත කරන්න ඉඩ නොදී මා ඔහු වෙනුවෙන් පෙනී සිටීම නිසා මාගේ අධිකරණ අමාත්‍ය ධුරය ද ඔවුන් උදුරාගත් බව විජේදාස රාජපක්ෂ මහතා කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණය කළේය.