රතන හිමි දිවුරුම් දෙති

පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අද (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය.
පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි.