රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (19 වැනිදා) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා පසුගිය ජනාධිපතිවරණ සමයේදී පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රැගෙන යෑම සහ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම මෙන්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.