රෝහිත බෝගොල්ලාගම ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැස්තු අපේක්ෂත්වයෙන් ඉල්ලා අස්වීමට හිටලු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා තීරණය කර තිබේ.
මේ පිළිබඳව තමන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළ බවත් එක්සත් ජාතික පක්ෂය පටු දේශපාලන ගමන් මගකට යොමු වී ඇති බවත් තමාගේ අදහස ‘රට පළමුව’ යන සංකල්පය බවත් මේ පිළිබඳ කරුණු දක්වමින් හිටලු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කියා සිටියේය.