විදේශ ගතව සිට පැමිණි 08 දෙනකුට මැලේරියාව

විදේශ ගතව සිට මෙරටට පැමැණි 08 දෙනකුට මැලේරියාව ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් 08 දෙනකුට මෙසේ මැලේරියාව ආසාදනය වී ඇති අතර අදාළ පුද්ගලයින් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිටින බවට මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කරයි.
පැල්වෙහෙර නිරෝධායන් මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 05 දෙනකුට සහ මිගමුව වයික්කාල් ප්‍රාදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 03 දෙනකුට මෙසේ මැලේරියාව ආසාදනය වී ඇතැයි රණවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
මේ අතර විදේශ රටවලින් පැමිණි මැලේරියා ආසාදිතයන් හැරුණුකොට 2012 වර්ෂයෙන් පසු මෙරට කිසිදු මැලේරියා ආසිදිතයකු වාර්තා වී නොමැති අතර පසුගිය වසරේදී එසේ විදෙස් ගතව සිට පැමැණි 53 දෙනකුට මැලේරියා රෝගය ආසාදනය වී තිබිණි.