සමගි ජනබලවේගයට එජාපයෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පාට සමගි ජන බලවේගය පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යොමු කර තිබේ.ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ වර්ණය කොළ පාට වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එම පක්ෂයේ වර්ණය නිල් පාට වන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා එම ලිපියෙහි සඳහන් කර තිබේ. එමඟින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට බරපතළ අගතියක් සිදු වන බවත් එම නිසා ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අවධානය යොමු කර එක්සත් ජාතික පක්ෂයේ වර්ණය සමගි ජන බලවේගය භාවිත කිරීම වැළැක්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ ලිපියෙන් දැනුම් දී තිබේ.