විමල්ට එරෙහි නඩුවට දින නියම වෙයි

2010 වසරේ ජනවාරි 01 වැනිදා සිට 2014 දෙසැම්බර් 31 වැනිදා දන්වා කාලසීමාවෙදී නීත්‍යානුකූල අදායම අභිබවා රුපියල් මිලියන 75කට ආසන්න වත්කමක් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි කියමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට විරුද්ධව ගොනුකර තිබූ චෝදනාවේ නඩුව ලබන නොවැම්බර් මස 26 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහා අධිකරණය අද (08 වැනිදා) නියම කර තිබේ.
අදාළ නඩුව කොළඹ මහා අධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ මොහෝතේ දෙපාර්ශවයේම නීතීඥවරුන්ගේ එකඟතාව මත එම නඩුවේ සාක්ෂි විමසීම ලබන නොවැම්බර් මස 26 වැනිදා ආරම්භ කිරීමට මහා අධිකරණ විනිසුරුවරයා නියම කර තිබේ.