එල්.පී.එල් සටනට රෝහිත දඹුල්ලට යයිද..?

ලබන දෙසැම්බර් මස 5දා සිට 23 දා දක්වා පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්)
ක්‍රිකට් තරඟාවලියට අදාළ කණ්ඩායම් පුහුණු තරග මේ වනවිට ආරම්භ කර ඇති අතර දඹුල්ල
ජයන්ට්ස් (Dambulla Giants) කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ
බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී තිබෙන බවද වාර්තා වේ.

චිචී නම් අනුවර්ථ නාමයකින්ද හඳුන්වන ඔහු එම කණ්ඩායමේ පුහුණුවීම් සඳහා එක්වී සිටින
ඡායාරූප කිහිපයක් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිල Facebook ගිණුමට එක් කර තිබුණා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විස්සයි-20 ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් චානකගේ
නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් විසිදෙනකුගෙන් යුත් දඹුල්ල ජයන්ට්ස් නිල සංචිතය මේ
වනවිට ප්‍රකාශයට පත්කර ඇතත් රෝහිත රාජපක්ෂගේ නම ඊට ඇතුළත්කර නැත.
දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදෙස් ක්‍රීඩකයින් 6ක් ගෙන් සමන්විත දඹුල්ල ජයන්ට්ස් නිල
සංචිතය පහත සඳහන් වේ.

නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, දසුන් ශානක (නායක) , ඉම්රාන් තහීර් (දකුණු
අප්‍රිකාව) රමේෂ් මෙන්ඩිස්, රිලී රොසෝව් (දකුණු අප්‍රිකාව), සොහයිබ් මක්සූද් (පකිස්ථානය)
ඔඩියන් ස්මිත් (බටහිර ඉන්දීය කොදෙව්), ජෝෂුවා ලිට්ල් (අයර්ලන්තය), නුවන් ප්‍රදීප්
නජිබුල්ලා සඩ්රාන් (ඇෆ්ගනිස්ථානය), තරිඳු රත්නායක, ලහිරු උදාර, සාච සෙනවිරත්න,
මුදිත ලක්ෂාන්, කලණ පෙරේරා, සචිත ජයතිලක, මධුෂාන් රවිචන්ද්‍රකුමාර්, ජනිත් ලියනගේ,
චාමිකර එදිරිසිංහ.