අර්ජුන එජාපයෙන් ඉල්ලා අස්වෙයි

තමන් එක්සත් ජාතික පක්ෂය සමග රැඳී සිටියේ වත්මන් සහ අනාගත අභියෝගවලට මුහුණ දීමට සුදුසු නිසියාකාර වැඩපිළිවෙළක් සකස් කරනු ඇතැයි යන විශ්වාසයෙන් බවත්, අදටත් එවැනි වැඩපිළිවෙළක් සැකසෙන බවක් පෙනෙන්නට නොමැති හෙයින් පක්ෂයේ රැඳී සිටීමෙන් ඵලක් නොවන බැවින් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් 1996 එක්දින ලෝක කුසලාන ජයගත් කණ්ඩායමේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන  රණතුංග මහතා පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.