ශ්‍රී ලංකාව තුළ HIV ආසාධිතයින් 3,700ක්

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට එච්අයිවී ආසාදිතයන් 3,700ක් දක්වා වර්ධනය වී ඇති බවත් එහෙත් ඉන් සායන ප්‍රතිකාර ලබා ගනුයේ, 2,600 දෙනෙකු පමණක් බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් වැඩසටහන පවසයි. ලෝක එච්අයිවී දිනය හෙටට (01දා) යෙදෙන අතර මෙවර එහි තේමාව වනුයේ ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු – වසංගත පරදමු’ යන්නයි.
ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් වැඩසටහන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ අධිඅවදානම් ඇති පුද්ගල කණඩායම් සමාජය තුළ කොන් කිරීමකට ලක් වීම හේතුවෙන් මෙලෙස සායන ප්‍රතිකාර සඳහා යොමු නොවීමට හේතුවක් වී ඇති බවයි.
පසුගිය වසර තුළදී ශ්‍රී ලංකාව තුළින් එච්අයිවී ආසාදිතයන් 363දෙනෙකු හඳුනාගෙන ඇති අතර, 2019 වර්ෂය තුළදී එම සංඛ්‍යාව 459ක් පමණ වේ.