මිනිසකු මරා දැමු කුකුළා රිමාන්ඞ්


මිනිස් ඝාතනයක් සිදුකළ බවට ලද සාක්කියක් අනුව පොර කුකුළකු පොලිස් අත්අඩංගුවට ගැනීමේ හාස්‍ය ජනක සිදුවිමක් වාර්තා වේ. මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ තෙලංගනා ප‍්‍රදේශයෙනි.
රාජා යන නම පටබැඳි අදාළ කුකුළා ගෝලපාලි ග‍්‍රාමයේ පොර කුකුල් තරගයකට සහභාගි කරවා ඇත. එහිදී තරගය අතරතුරදී පළා යෑමට තැත් කළ රාජා කුකුළාව අල්ලා ගැනීමට ගිය ෂතීෂ්ට කුකුළාගේ පාදයේ ගැට ගසා තිබු පිහියෙන් තුවාල සිදුවී ඇත. එහිදී සතිෂ්ගේ රහස් ප‍්‍රදේශයට දැඩි හානි සිදුවී ලේ ගලා යෑමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉන්දියවේ පොර කුකුල් තරග තහනම් කර ඇති අතර අදාළ කුකුළාව පොලිසිය විසින් ගෙන ගොස් ඉදිරියේදී නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම තරගය සංවිධානය කළ දස දෙනකුට වැඩි පිරිසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබේ.