ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඉකුත් මැතිවරණ පරාජයෙන් පසුව කිහිප වරක්ම සිය පරාජය පිළි නොගෙන අධිකරණය වෙතද අදාළ ප‍්‍රශ්නය ගෙන ගියේය. නමුත් ඔහුට එහිදීද සාධාරණයක් ඉටු නොවීම ලැජ්ජා සහගත කරුණක් බව ඔහුම පවසමින් ඉරිදා සන්ධ්‍යාවේ විනාඩි 90 දිග කතාවක් කරමින් සියලූ දෙනාවම විවේචනය කළේය.
‘‘ඔබගේ උදව්වෙන් අපි සෙනෙට් සභාව ජය ගනිමු. පසුව රිපබ්ලිකන් ජනාධිපතිවරයෙක් ධවල මන්දිරයට ජයග‍්‍රාහී ලෙස ආපසු පැමිණෙනු ඇත. ඒ කවුරුන්දැයි මම කල්පනා කරමි. කවුද..කවුද ඒ ම පුදුම වෙනවා.’’ යැයි ට‍්‍රම්ප් පවසන විට ඔහුගේ ආධාරකරුවන්ද සිනාසුණේය.’’
අදාළ මැතිවරණ පරාජය පිළිනොගන්නා ට‍්‍රම්ප් අධිකරණ තීන්දුව ගැනද සෑහීමකට පත් නොවී වත්මන් ජනාධිපතිවරයාටද උපහාසාත්මක වදන් වලින් සංග‍්‍රහ කරමින් සියලූ දෙනාටම වාග් ප‍්‍රහාර එල්ල කරමින් කතාව අවසන් කළේය.