රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වනිඳු සහ චමීරව නිදහස් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයිපීඑල්) 15 වැනි අදියර සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීරව නිදහස් කර තිබේ. මීට අමතරව මේවනවිට අදාළ කණ්ඩායම් රඳවා ගන්නා සහ නිදහස් කරන ක්‍රීඩකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ප්‍රබල ක්‍රීඩකයින් රැසක් අයිපීඑල් තරගාවලියේ කණ්ඩායම්වලින් නිදහස් කර ඇත.
මෙවර සියලු කණ්ඩායම් සඳහාද උපරිම වශයෙන් ක්‍රීඩකයින් සිව් දෙනෙකු කණ්ඩායමේ රඳවා ගැනීමට අවස්ථාව උදාකරදී තිබේ. ඒ අතරට උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු රඳවා ගැනීමේ අවස්ථාවද හිමිකරදී තිබිණ.

කණ්ඩායම් 08 විසින් රඳවාගනු ලැබූ ක්‍රීඩක ලැයිස්තුව

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – විරාට් කෝලි (ඉන්දීය රුපියල් කෝටි 15), ග්ලේන් මැක්ස්වෙල් (ඉන්දීය රුපියල් කෝටි 11), මොහොමඩ් සිරාජ් (ඉන්දීය රුපියල් කෝටි 07),

මුම්බායි ඉන්ඩියන්ස් – රෝහිත් ෂර්මා (ඉන්දීය රුපියල් කෝටි 16), ජස්ප්‍රිට් බුම්රා (ඉන්දීය රුපියල් කෝටි 12), සූර්යකුමාර් යාදව් (ඉන්දීය රුපියල් කෝටි  08), කිරන් පොලාඩ් (ඉන්දීය රුපියල් කෝටි 06)

චෙන්නායි සුපර් කිංග්ස් – රවීන්ද ජඩේජා (ඉන්දීය රුපියල් කෝටි 16), මහේන්ද්‍ර සිං දෝනි (ඉන්දීය රුපියල් කෝටි 12), මොයීන් අලී (ඉන්දීය රුපියල් කෝටි 08), රුටුරාජ් ගයික්වාඩ් (ඉන්දීය රුපියල් කෝටි 06)

කොල්කටා නයිට් රයිඩර්ස් – ඇන්ඩ්‍රි රසල් (ඉන්දීය රුපියල් කෝටි 12), වරුන් චක්‍රවර්තී (ඉන්දීය රුපියල් කෝටි 08), වෙන්කටේෂ් අයියර් (ඉන්දීය රුපියල් කෝටි 08), සුනිල් නාරායන් (ඉන්දීය රුපියල් කෝටි 06)

සන්රයිසස් හයිද්‍රාබාද් – කේන් විලියම්සන් (ඉන්දීය රුපියල් කෝටි 14), අබ්දුල් සමාද් (ඉන්දීය රුපියල් කෝටි 04), උම්රන් මලික් (ඉන්දීය රුපියල් කෝටි 04)

රාජස්ථාන් රෝයල්ස් – සංජු සැම්සන් (ඉන්දීය රුපියල් කෝටි 14), ජොස් බට්ලර් (ඉන්දීය රුපියල් කෝටි 10), යශස්වි ජයිස්වාල් (ඉන්දීය රුපියල් කෝටි 04)

දිල්ලි කැපිටල්ස් – රිෂාබ් පාන්ට් (ඉන්දීය රුපියල් කෝටි 16), අක්සාර් පටෙල් (ඉන්දීය රුපියල් කෝටි  09), ප්‍රිත්වි ෂෝ (ඉන්දීය රුපියල් කෝටි 7.5), ඇන්රිච් නොකියා (ඉන්දීය රුපියල් කෝටි 6.5)

පංජාබ් කිංග්ස් – මයාන්ක් අගාර්වල් (ඉන්දීය රුපියල් කෝටි 14), අර්ශ්දීප් සිං (ඉන්දීය රුපියල් කෝටි 04)