20ට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ගැන සජිත් තීරණයක් ගනී

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපාහැරීමෙන් පසු ඉදිරි නෛතික පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණ ගැනීමේ අයිතිය තිබුණ ද සාමුහික කණ්ඩායමක් ලෙස ගන්නා තීරණයට පරිබාහිරව කටයුතු කිරිම අනුමත කළ නොහැකි බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටී.