මත්ස්‍ය පරිභෝජනය ගැන සෞඛ්‍ය අංශයෙන් නිවේදනයක්

මත්ස්‍ය පරිභෝජනය සහ මත්ස්‍ය වෙළෙඳාම් කටයුතු සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස් ශ්‍රීධරන් මහතා විසින් ජනතාව දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව හොඳින් පිසින ලද මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා වෛරසය බෝවන බවට විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බව ඉන් අවධාරණය කර තිබේ.
කොරෝනා වෛරසය ඕනෑම පෘෂ්ටයක රැඳීතිබිය හැකිය යන පදනම මත මාළු පිසීම හෝ ගබඩාකිරීම සඳහා සකස් කරන අතරතුර මුහුණ නොඅල්ලන ලෙසද ඉන්පසුව ඒ සඳහා භාවිත කළ උපකරණ සහ ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදාගන්නා ලෙසත් අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පැහැදිළි කර තිබේ.