සජිත්ගේ කාන්තා ප‍්‍රඥප්තිය

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා කාන්තා ප‍්‍රඥප්තියට අත්සන් තැබීම කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී  අද (21)  සිදුකෙරිණි.

‘‘දිරිය ඇය වෙනුවෙන් – සෙනෙහසේ ඇරඹුම’’ යන තේමාවෙන් මෙම කාන්තා ප‍්‍රඥප්තිය එළිදැක්විණි.

මෙම අවස්ථාව සඳහා ජලනි පේ‍්‍රමදාස, හේමා පේ‍්‍රමදාස, කාන්තා හා ළමා කටයුතු සහ වියලි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර,  අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ, කොළඹ පුරපතිනි රෝසි සේනානායක යන මහත්මීන් ඇතුලු පිරිසක් එක්වූහ.