සපුගස්කන්ද පිරිපහදුවත් හරි පැහැදිලියි

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (03) සිට යළි වසා දමීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර
ඇති බවත් විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් පැවැසේ.
මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේයළි ජනවාරි 30 වනදා එම
පිරිපහදුව යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
සපුගස්කන්ද පිරිපහදුව මෙසේ වසා තැබීම හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇති නොවන බවද එම
අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
බොරතෙල් තොග නොමැති වීම හේතුවෙන් මින් පෙරද නොවැම්බර් 15 වැනිදා සිට දින 50 ක කාලයත්
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට රජය කටයුතු කළ අතර මේ වන විට එහි අනාගතය
සම්බන්ධයන් අවිනිශ්චිත තත්ත්වයක් උද්ගතව ඇති බවද අදාළ ක්ෂේත්‍රෙය් දැඩි කතාබහට ලක්වී ඇත.