ගෙදර සිට වැඩ කළ කාලය අදින් අවසන්

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ අද (03) දිනයේ සිට මෙරට තුළ
රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
ඊට අදාළ උපදෙස් මේ වනවිටත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත්
කර තිබෙන එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
තවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අමාත්‍යාංශය සඳහන් කළේ සෞඛ්‍ය
සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදුන් උපදෙස් අනුව මෙලෙස රාජ්‍ය සේවය පූර්ණ ධාරිතාවයකින්
පවත්වාගෙන යන බවයි.