සතොස සීනි සලාක ක‍්‍රමයට දෙයි, එක්කෙනෙකුට එක කිලෝවක් පමණයි

සතොස අලෙවිසැල් මගින් සීනි කිලෝවක් රුපියල් 130 බැගින් විකිණීම ආරම්භ කර තිබේ. නමුත් එක් පාරිභෝගිකයෙකු සඳහා ලබා දෙන්නේ එක සීනි කිලෝවක් පමණි.

මේ අතර ප්‍රකට සුපිරි වෙළඳසැල් ජාලයක සීනි කිලෝවක මිල දක්වා තිබෙනුයේ රුපියල් දෙසිය හැත්තෑවක් ලෙසයි.

මේ වන විට සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මුදලකට ලබාදීමට මැදිහත් වෙමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘මේ වන විට සතොසට සහ සමූකාපාකාර සමිති වලට සීනි ටොන් 1750ක් ලංකා සීනි සමාගමෙන් ලබාදෙන්න කටයුතු කරල තියෙනවා. ගල්ඔය සීනි කර්මාන්තශාලාවෙන් තවත් සීනි ටොන් 600ක් ලබාදෙන්න කටයුතු කරනබවත්, සතොසට සහ සමූපාකාර වලට අපි කියනවා අවශ්‍ය ප්‍රමාණය ඉක්මනින්ම අරන් යන්න කියල. මේ වන විට සතොස ගණනාවකටම අපි පිටත්කර හැරියා මේ වන විට බොමහාමයක් සතොසවල සීනි තියනවා.