දෛනිකව පාසල් ගුරුවරුන් 66000ක් ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවන බවට ඇමතිගෙන් චෝදනාවක්

පාසල් ගුරුවරුන් 66000ක් පමණ දෛනිකව විවිධ කරුණු හේතුවෙන් විවිධ හේතුන් මත ඉගෙනුම් ක්‍රියාවලියට සක්‍රීයව දායක නොවන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටී. එහිදී මෙරට පාසල් පද්දතිය තුළ ගුරුවරුන් 240000 කට ආසන්න පිරිසක් සිටින බවත් ඉන් 50000ක් පමණ දෛනිකව විවිධ හේතුන් මත නිවාඩු ලබා ගන්නා බවත් තවත් 16000ක් පමණ පාසල් ඉගෙනුම් ක්‍රියාවලියෙන් පරිබාහිර කටයුතු ල නිරත වන බවත් අමාත්‍ය පෙන්වා වැඩිදුරටත් පෙන්වා දෙයි.
ඒ අනුව ඊට විසඳුමක් ලෙස රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් 15000ක පිරිසක් පාසල් අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් ලෙස එක්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.