බස්නාහිර පළාත හැර අනෙක් පළාත්වල පාසල් යළි විවෘත වේ

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් ලබන 23වැනිදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විවෘත කිරීමට නියමිත පාසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉගැන්වීම් කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 6 සිට13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම සකස්කිරීමේ වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන අතර
විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරීල ග්‍රාම නිලධාරීල පාසැල් සංවර්ධන සමිති නියෝජිතයෙක් සහ ආදීශිෂ්‍ය නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ගතයුතු බවද කමිටු නිර්දේශ අදාළ අධ්‍යාපන කලාප භාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත යොමු කළයුතු බවද එම නිවේදනයේ දැක්වේ.
සෞඛ්‍ය උපදෙස් අනුව බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල නොවැම්බර් 23 වනදා 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ආරම්භ කිරීමට නියමිතය. සෙසු පළාත්වලද දැනට හුදකලා කර ඇති ප්‍රදේශ තුළ පිහිටා ඇති පාසල් තවදුරටත් විවෘත නොකෙරෙනු ඇත.