ඊයේ දිනට කොරෝනා ආසාදිතයින් 491ක් හඳුනා ගැනේ…

ඊයේ (21 වැනිදා) වාර්තා වූ නව ආසාධිතයින් 491 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 19,771 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 487 දෙනෙකු මීට පෙර හඳුනාගත් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවත් සෙසු පිරිස ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් ගණන 6,098ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පූර්ණ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 13,589ක් වේ.