ෂේන් වෝන් යතුරුපැදි අනතුරක

ඔස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් යතුරුපැදි අනතුරකින් තුවාල ලබයි. වෝන්ගේ පුතු ජැක්සන් සමඟ බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී ඇද වැටී ඇති අතර, මීටර් 15කට වඩා වැඩි දුරක් ලිස්සා ගොස් ඇති බව ‘සිඩ්නි හැරල්ඩ් මෝර්නින්‘ පුවත්පත වාර්තා කළේය.

ෂේන් වෝන්ට සිදුවූ අනතුරෙන් තැලීම් හා සුලු තුවාල සිදු වී ඇති අතර, වළලුකර කැඩීමට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 52 හැවිරිදි ෂේන් වෝන් රෝහලට ඇතුලත් කොට ඇති අතර, තම පාදය කැඩී හෝ උකුල් ඇටයට හානි වේ යැයි බියෙන් පරීක්ෂණ කිහිපයක්ම සිදුකර ගෙන ඇත.

හිටපු ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නා ලබන මස 8 වනදා ගැබා ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ විස්තර ප්‍රකාශකයකු ලෙස සහභාගීවීමට සූදානමින් සිටී.