අලුත් වාහන ගෙන්වීම තවදුරටත් ප්‍රමාද වන ලකුණු

මෙරටට වාහන අලුතින් ගෙන්වීමට අවසරයක් ලබන වසරේත් හිමි නොවන  බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසුවේ බත්තරමුල්ලේදී පැවති රැස්වීමක් අමතමිනි. ලබන වසරේ මුල් මාස කිහිපයේදී විදේශ මුදල්වල හිඟකමක් ඇතිවිය හැකි වුවත් සාගතය කියන වචනයවත් කියන්නේ නැතුව රටේ ජනතාවගේ අවශ්‍යතා තහවුරු කිරීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.