කෝටි පහක මුදල් සහ හෙරෝයින් සමග සොත්ති උපාලිගේ දියණිය අත්අඩංගුවට

රුපියල් 59,000,000ක මුදලක් සහ හෙරොයින් සමග කාන්තාවක් සහ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටි කාන්තාව මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ දැනට මියගොස් සිටින සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවට තහවුරු වී තිබේ.
මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (19 වැනිදා) මෙම විශේෂ වැටලීමක් සිදුකර තිබේ. කඩුවෙල හේවාගමදී අත්අඩංගුවට පත් සැකකරු සතුව තිබූ රුපියල් පන් කෝටි අනූලක්ෂ පනස්එක්දහස් අටසිය විස්සක මුදලක් සහ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 310ක් ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගෙන තිබේ.